29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයතුරු පැදියක් ඇලකට පෙරළී යාමෙන් පුද්ගලයෙකු මියයයි

යතුරු පැදියක් ඇලකට පෙරළී යාමෙන් පුද්ගලයෙකු මියයයි

යතුරු පැදියක් ඇලකට පෙරළී යාමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව ගිරිබාව පොලීසිය සදහන් කරයි.

මිය ගොස් ඇත්තේ තලාව,ජයගග ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පන්නිපිටිය ආරච්චිලාගේ දොන් සුනිල් කුමාර නම් අයෙකු බවට හදුනා ගෙන ඇත.

රාජාංගනය,යාය 03 පැරකුම්පුර ප්‍රදේශයේ කුඹුරු වලට ජලය ගෙන යාම සදහා සකස් කර ඇති කොන්ක්‍රීට් යොදන ලද ඇලට යතුරු පැදියක් සහ පුද්ගලයෙකු වැටී ඇති බවට වන තොරතුරක් 15 වෙනිදා ගිරිබාව පොලීසියට ලැබී ඇත.එම තොරතුට අනුව පොලිස් නිලධාරීන් පැරකුම්පුර ප්‍රදේශයට ගොස් ඇලේ වැටී සිටි පුද්ගලයාව ගොඩට ගැනීමට කටයුතු කර ඇත.ඒ වන විටත් ඔහු මිය ගොස් තිබී ඇත.

මිය ගොස් ඇති අය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටින විට අනතුරකට මුහුණ දෙන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.