26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල තුළ චංඩි පාට් දැමු පාසල් සිසුන් පිරිසක් තුවාල ලබා රෝහලට

පාසල තුළ චංඩි පාට් දැමු පාසල් සිසුන් පිරිසක් තුවාල ලබා රෝහලට

පාසල් වේලාව තුළදී පන්ති දෙකක සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිව් (04) දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කුරුණෑගල පොලීසිය කියයි.

15 වෙනිදා පාසල් කාලය තුළ මෙම ගැටුම සිදුවී ඇත.

ගැටුමට හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ කුරුණෑගල – මල්කඩුවාව ප්‍රදේශයේ පාසලක 11 සහ 12 වසර දෙකෙහි සිසුන් දෙපිරිසක් අතරය.

බහින් බස්වීමක් දුර දිග යාම ගැටුමට හේතුව බව පොලීසිය කියයි.කුරුණෑගල පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.