27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඩොලර් මිලියන 1.1කට වෙන්දේසි වුණු ඩයනාගේ කබාය

ඩොලර් මිලියන 1.1කට වෙන්දේසි වුණු ඩයනාගේ කබාය

ඩයනා කුමරියගේ ‘බ්ලැක් ෂීප්’ කබාය වෙන්දේසියකදී ඩොලර් මිලියන 1.1 කට අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව ඩොලර් මිලියන 1.1 කට වඩා වැඩි මිලකට අලෙවි වූ, ඩයනා කුමරියගේ ලොම් සහිත රතු කබායේ සුදු බැටලු පේළි අතර තනි කළු බැටළුවෙකු සිටි එම නිසා මෙම කබාය ‘බ්ලැක් ෂීප්’ නමින් හඳුන්වයි.

ලංසු තැබීමේ අවස්ථාවේ දැඩි තරගකාරීත්වයක් පැවති බවයි ආදළ වෙන්දේසි ආයතනය නිවේදනය කළේ.

එවකට 19 හැවිරිදි වියේ පසු වූ ඩයනා කුමරිය චාල්ස් කුමරු සමග විවාහ ගිවිස ගැනීමෙන් ටික කලකට පසුව 1981 ජුනි මාසයේ පෝලෝ තරගයකදී ඇඳ සිටි මෙම “බ්ලැක් ෂීප්” කබාය වඩාත් සංකේතාත්මක ඇඳුම්වලින් එකක් බවට පත්විය.

අන්තර්ජාල ලංසුකරුවන් අතර පැවති දැඩි තරගයකින් පසු ගාස්තු සහ කොමිස් ඇතුළුව ඩොලර් මිලියන 1.1 කට මෙම කබාය අලෙවි වූ බව වෙන්දේසි ආයතනය පැවසීය.

ඒ අනුව ඩොලර් 50,000 සිට 80,000 දක්වා වූ මූලික විකුණුම් ඇස්තමේන්තුවට වඩා 10 ගුණයකින් එය වැඩි බව වෙන්දේසි ආයතනය සඳහන් කළේ ය.

වෙන්දේසිකරුවන් විසින් ජයග්‍රාහී ලංසුකරුගේ අනන්‍යතාවය ද හෙළි කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.