27 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඇමති කංචන හා ලංවිම වෘත්තිය සමිති අතර හමුවක්

ඇමති කංචන හා ලංවිම වෘත්තිය සමිති අතර හමුවක්

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 35ක නියෝජිතයන් පසුගියදා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හමු වී තිබේ.

විදුලිබල අමාත්‍යංශයේ පැවති මෙම සාකච්ඡාවේදී විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳවද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය, නව විදුලිබල පනතේ ආකෘතිය, ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියට අදාල නියමයන් ක්‍රියාත්මක කරන කාල රාමුව, මානව සම්පත් විගණනය සහ සේවකයන් අනුයුක්ත කිරීමේ ක්‍රමවේදය, විශ්‍රාම වැටුප් සහ සේවක වරප්‍රසාද පිළිබඳව අනුගමනය කරන වැඩපිළිවෙල, සංවර්ධන නියෝජිත ආයතන මෙම ක්‍රියාවලියට ලබා දී ඇති සහය, විදුලිබල මන්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යංශය පිහිටුවීම, යෝජිත නව සමාගමේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කරන ලදි.