28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋද්දිකට වෙඩි තැබූ සිද්ධියේ විමර්ශන CIDයට

උද්දිකට වෙඩි තැබූ සිද්ධියේ විමර්ශන CIDයට

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්නගේ මෝටර් රථය ඉලක්ක කර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

පොලිස්පතිවරයාගේ නියෝග මත අදාළ විමර්ශන මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්නගේ පුද්ගලික මෝටර් රථය ඉලක්ක කර ඊයේ (17) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණා.

ඒ ඔහුගේ අනුරාධපුර පිහිටි නිවස ඉදිරිපිට දීයි. මෙම වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට හානියක් සිදුව නොමැති අතර මෝටර් රථයට හානි සිදුව තිබෙනවා.

මන්ත්‍රීවරයා තම මෝටර් රථයෙන් පෞද්ගලික නිවසට පැමිණ නිවසේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අසල රථය නවතා නිවසට ඇතුළු වනවාත් සමඟම මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි විමර්ශන සිදුකරන පොලීසිය සඳහන් කළේ.

මෙම වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී ජීව උණ්ඩයක් සහ පතොරම් කොපුවක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් මෙම වෙඩි තැබීමට භාවිත කර තිබෙනවා.