26 C
Colombo
Thursday, October 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්සත් ජාතීන්ගේ 78 වැනි සැසිවාරය අද ඇරඹේ

එක්සත් ජාතීන්ගේ 78 වැනි සැසිවාරය අද ඇරඹේ

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අද (18) අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ආරම්භ වීමට නියමිතය.

‘2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම’ යන තේමාවෙන් මෙවර එය පැවැත්වෙයි.

සමුළුව ලබන 21 වැනිදා දක්වා පැවැත්වෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 21 වැනිදා සැසිවාරය ඇමතීමට නියමිතයි.

ඊට සමගාමීව අද පැවැත්වෙන, තිරසර සංවර්ධන ඉලක්ක සමුළුවේ රාජ්‍ය නායක හමුව සඳහා ද ජනාධිපතිවරයා සහභාගී වනු ඇති.