29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldගුවන් යානා අනතුරකින් නියමුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ගුවන් යානා අනතුරකින් නියමුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

අමෙරිකාවේ නෙවාඩා හි රෙනෝ නගරයේ පැවති ජාතික ශූරතා ගුවන් සංදර්ශනයේදී සිදුවු අනතුරකින් ගුවන් නියමුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් සංදර්ශනය අතරතුර යානා දෙකක් ගොඩබෑමට යාමේදී ඒවා එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් එරට ජාතික ගමනාගමන ආරක්ෂණ මණ්ඩලය, ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සහ පළාත් පාලන ආයතනය එක්ව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.