30 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldලිබියාවේ ගංවතුරෙන් 11300ක් ජීවිතක්ෂයට

ලිබියාවේ ගංවතුරෙන් 11300ක් ජීවිතක්ෂයට

ලිබියාවට බලපෑ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 11300ක් දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ තවත් 10,100දෙනෙකු පමණ තවමත් අතුරුදන්ව ඇති බවත් ඔවුන් සොයා තවදුරටත් සුන්බුන් අතර සෝදිසි මෙහෙයුම් සිදු කරන බවත්ය.

එමෙන්ම මෙම පුද්ගල මරණ හා අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානුෂිය ආධාර සම්බන්ධීකරණ කාර්යාලය පවසන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට පුද්ගලයන් දෙලක්ෂ පනස්දහසකට ප්‍රමාණවත් ටොන් 32ක සෞඛ්‍ය ආධාර ලිබියාව වෙත ප්‍රදානය කර තිබේ.