22.6 C
London
Tuesday, September 26, 2023

ගමන් මල්ලේ තිබූ මළ සිරුරේ සුලමුල එළියට

පුද්ගලයෙක්ට පහර දී ඝාතනය කර සිරුර ගමන් බෑගයක දමා සීදුව දඬුගංඔය ඉවුර ආසන්නයේ දමා යාමේ සිද්ධියට සම්බන්ධ එකම පවුලේ පියා පුතුන් දෙදෙනා ඇතුලු සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව සීදුව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුඩාවැව මහවැව ප්‍රදේශයේ පදිංචි සුසන්ත රංජන් රණසිංහ (36) නැමැති අවිවාහක තරුණයෙකි.

ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් පුතා ජපන් රටේ රැකියාවකට යවන බවට පවසා මුදලක් ලබගෙන වංචා කළ බව කියන සිද්ධියක් මුල්කරගෙන ඉහත තරුණයා ට පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.

ඝාතනය ලක් වු තරුණයා ට පුද්ගලයන් විදේශ ගත කරන බවට පවසමින් මුදල් ලබාගෙන වංචා කිරීමේ චෝදනා රැසක් ඇති බවත්, මාදම්පේ, කටාන, බණ්ඩාරවෙල යන පොලිස් ස්ථාන වලට තරණයාට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

ඝාතනයට ලක්වු තරුණයා හා සැකකරුවන් හිතවත් පුද්ගලයන් බවත්, ඉකුත් 11 දින සැකකරුවන්ට පිටකොටුව ප්‍රදේශයේ දී ඉහත තරුණයා හමුවී ඇති අතර, ඔවුන් සුක්ෂම ලෙස තරුණයා ඔවුන්ගේ මෝටර් රථයේ නංවාගෙන කටාන දාගොන්න අක්කර 50 ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ පොල් ඉඩමක් වෙත රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.එහිදී පිරිස තරුණයාගෙන් මුදල් ඉල්ලා ඔහුට අතින් පයින් හා පොලුවලින් පහර දී ඇති බවද පොලිසිය පවසයි.

Latest

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදු වී...

පාපුවරුවෙන් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු...

හෙදියක් තවත් හෙදියකගේ පසුම්බිය සොරා ගෙන

පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බිය සොරා ගෙන එහි...

බිරිඳගේ දිවි තොර කළ සැමියාට වසර 8කට පසු අධිකරණය දුන් තීන්දුව

වසර අටකට පෙර බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය...

Don't miss

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින...

ආණ්ඩුව කවදාවත් ඉටු නොකරන පොරොන්දුවක් උදය කියයි

ආණ්ඩුවේ ගනුදෙනු හෙළි කරන වෙබ් අඩවියක් ආරම්භ කරන බවට...

මෙවර සුරංගනා කතාවක් නොවන අයවැයක් – වජිර

නියමිත කාලයට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත්...

ජනපතිගේ ඇමෙරිකානු සංචාරය රටට ප්‍රතිලාභ රැසක් ගෙන දෙන සාර්ථක සංචාරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ...

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදු වී තිබෙනවා. එම පිපිරීමෙන් එක් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වෙනවා. කෙසේ වෙතත්, තවත්...

පාපුවරුවෙන් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු එයින් ඇද වැටි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ බුලත්සිංහල, ගලහේන ප්‍රදේශයේ පදිංචි අවුරුදු...

හෙදියක් තවත් හෙදියකගේ පසුම්බිය සොරා ගෙන

පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බිය සොරා ගෙන එහි තිබූ ජාතික හැඳුනුම්පත උපයෝගී කරගෙන පුද්ගලික බැංකුවකින් ණය මුදලක් වංචනික ලෙස ලබා ගත් තවත් හෙදියක්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here