― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsවර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

මෙම වසරේ අද දිනය දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 63,500ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න පවසනවා.

අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යක්ෂකවරයා කියා සිටියේ පවතින වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.

මේ අතර දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය 100ට අඩු බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.

මෙම මස අවසන් සතිය තුළ දී විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.