― political ―

රනිල්ට යුතුකම ඉටු කරන්න ජනතාව බලා සිටිනවා – අකිල

රටේ අර්බුදය නැති කළ රනිල් වික්‍රමසිංහට යුතුකම ඉෂ්ට කරන්න ජනතාව සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසනවා. අද (10) සිරිකොත...
HomeNewsශ්‍රී ලංකාවට ලෝක බැංකුවේ පූර්ණ සහය

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවේ පූර්ණ සහය

ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙනයන වැඩපිළිවෙලට ලෝක බැංකුවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ලෝක බැංකු සභාපති අජේ බංගා පවසයි.

සභාපතිවරයා මේ බව පවසා ඇත්තේ ඊයේ (18) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාවේදීයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙල සාර්ථක ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමත් සමඟ ශ්‍රී ලංකාවට සිය ඉලක්ක කඩිනමින් ළඟා කර ගත හැකි බවට ලෝක බැංකු සභාපති අජේ බංගා එහිදී විශ්වාසය පළ කර තිබීම විශේෂත්වයකි.

මෙම ප්‍රයත්නය සඳහා ලෝක බැංකුවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ලෝක බැංකු සභාපතිවයා ප්‍රතිඥා දී තිබේ.