29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportආසියානු කුසලානය අහිමිවීම ගැන පැමිණිල්ලක්

ආසියානු කුසලානය අහිමිවීම ගැන පැමිණිල්ලක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයේදී ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස අල්ලස,දුෂණ, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් ඊයේ (18) පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50කට සියල්ලන් දැවීයාම පිළිබද ප්‍රේක්ෂකයින් සහ සමාජ මාධ්‍ය තුළ දැඩි මතභේදාත්මක තත්ට්වයක්ද හට ගත්තේය.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණය යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට වඩා හුරුපුරුදු ක්‍රීඩාංගණයක් වන නමුත් අවසන් මහා තරගයේදී අන්ත පරාජයක් ලක්වීම බොහෝ දෙනා තුළ දැඩි සැකයක් මතු වන්නට විය.

ඉතා දුර්වල ක්‍රීඩාඩා විලාශයක් පෙන්නුම් කිරීම තුළ මතුවූ සැකය හමුවේ අවසන් මහා තරගයේදී තරග පාවාදීමක් සිදුවූයේ දැයි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.