― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtදමිළ නළු විජේ ඇන්ටනීගේ දියණිය සියදිවි නසාගනියි

දමිළ නළු විජේ ඇන්ටනීගේ දියණිය සියදිවි නසාගනියි

ජනප්‍රිය දමිළ නළුවෙකු සහ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන විජේ ඇන්ටනීගේ දියණිය සියදිවි නසාගෙන ඇති බව වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඇය චෙන්නායි, තේනාම්පෙට් හි පිහිටි නිවසේ දී ගෙළ වැළලාගෙන මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි.

ගෙළ වැළලාගෙන සිටියදී ඇයව අද (19) උදෑසන සොයාගෙන තිබූ අතර අනතුරුව මයිලාපූර්හි රෝහලකට රැගෙන ගිය නමුත් වෛද්‍යවරුන් විසින් ඇය මිය ගොස් ඇති බවට පවසා තිබෙනවා.

චෙන්නායි හි පෞද්ගලික පාසලක ඉගෙනුම ලැබූ විජේ ඇන්ටනීගේ දියණිය මානසික ආතතියෙන් පෙළෙමින් සිටි බවයි වාර්තා වන්නේ.

මෙම අවාසනාවන්ත පුවත සැලවීමත් සමඟ දමිල සිනමාවේ ජනප්‍රිය තරු රැසක් ශෝකය පළකර තිබෙනවා.