26 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඑලෝන් මස්ක් මාසිකව ගාස්තු අයකරන්න සැරසෙයි

එලෝන් මස්ක් මාසිකව ගාස්තු අයකරන්න සැරසෙයි

ට්විටර් සමාජ මාධ්‍ය ජාලය හෙවත් ‘එක්ස්’ පරිශීලකයින්ට ඉරිදියේදී මාසික ගාස්තුවක් හඳුන්වාදීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව එහි හිමිකරු එලෝන් මස්ක් පවසයි.

පසුගියදා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවති සංවාදයක දී එලෝන් මස්ක් මේ බව පවසා ඇති බව සඳහන්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකෝටිපතියා පවසා ඇත්තේ ගෙවීම් ක්‍රමයක් යනු බොට්වලට ප්‍රතිරෝධය දැක්වීමට ඇති එකම ක්‍රමය බවයි. එමෙන්ම නාමික ගාස්තුවක් අයකිරීම මඟින් හඳුනාගත් ගැටළු කිහිපයක් විසඳා ගැනීමේ හැකියාව පවතින බව ද ඔහු පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මෙය එලෝන් මස්ක්ගේ හුදු ප්‍රකාශයක්ද, නැතහොත් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති ස්ථිර සැලසුම් පිළිබඳ සංඥාවක් ද යන්න පැහැදිලි නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ වනවිටත් එම සමාගම විසින් X Premium නමින් අතිරේක වාරික සේවාවක් ලබාදෙන අතර එය මාසයකට ඩොලර් 08ක මුදලක් ගෙවා ලබාගැනීමේ හැකියාවක් පවතිනවා.