ජපානයේ වයස අවුරුදු 80 සහ ඊට වැඩි පුද්ගලයින්ගේ සංඛ්‍යාව මුළු ජනගහනයෙන් සියයට 10 කට වඩා වැඩි වී තිබේ.
ජපානයේ අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින් වැඩිහිටියන්ගේ නිර්වචනයට ඇතුළත් වේ.
එය රටේ ජනගහනයෙන් සියයට 29.1ක් ලෙස වාර්තා වේ.
එය ලෝක රටවල ජනගහනයට සාපේක්ෂව ඉතා ඉහළ ප්‍රතිශතයක් ලෙස සැලකේ. වැඩිහිටි ජනගහනය වැඩිවීම හේතුවෙන් ඔවුන්ගේ විශ්‍රාම වැටුප් හා සෞඛ්‍ය පහසුකම් සඳහා මුදල් වෙන්කිරීමේ ගැටලුවක් මතුවිය හැකි බව අපේක්ෂා කෙරේ.
ජපානය ලෝකයේ වැඩිම ආයු අපේක්ෂාවක් ඇති රටකි. මෙය වැඩිහිටි ජනගහනය වැඩිවීමට බලපාන එක් සාධකයක් ලෙස සැලකේ.