― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldපේරු රාජ්‍යයේ බස් රථ අනතුරකින් 24ක් ජීවිතක්ෂයට

පේරු රාජ්‍යයේ බස් රථ අනතුරකින් 24ක් ජීවිතක්ෂයට

පේරු රාජ්‍යයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ හුවාන්කායෝ (Huancayo) සහ හුවාන්ටා (Huanta) නගර අතර ඇන්ඩීස් කඳුකරයේ ගමන් කරමින් සිටියදී බස් රථය අඩි 650 ක් පමණ ගැඹුරු හෙළකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

එමෙන්ම මෙම අනතුරෙන් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Huanta නගරවලින් සහ Churcampa පළාතේ ගිනි නිවන භටයන් අනතුර සිදු වූ ස්ථානයට යවා ඇති අතර ප්‍රදේශවාසීන්ගේ සහය ද ඇතිව බස් රථයේ සිටි මගීන්ගේ දිවි බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.