27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldයුක්‍රේන ජනපති සෙලෙන්ස්කි නිව්යෝර්ක් නුවරට

යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි නිව්යෝර්ක් නුවරට

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියානු හමුදාවන්ට එරෙහිව යුක්‍රේනය ප්‍රතිප්‍රහාර දියත් කරන විට සහයෝගය ලබා ගැනීම සඳහා ඔහු ලෝක නායකයන් කිහිප දෙනෙකු හමුවීමට සූදානම් වන බවයි.

එමෙන්ම යුක්‍රේන ජනාධිපතිවරයා මෙම සතිය අගදී වොෂින්ටන් හිදී ජනාධිපති ජෝ බයිඩන් සහ එක්සත් ජනපද නීති සම්පාදකයින් හමුවීමටද නියමිතය.

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky බදාදා ප්‍රථම වරට බ්‍රසීල ජනාධිපති Luiz Inacio Lula da Silva පෞද්ගලිකව හමුවීමට නියමිත අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම් සඳහා නායකයින් දෙදෙනාම නිව්යෝර්ක් වෙත පැමිණ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.