― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeWorldරසල් බ්‍රෑන්ඩ් ගැන ‍Youtube ආයතනයෙන් දැඩි තීරණයක්

රසල් බ්‍රෑන්ඩ් ගැන ‍Youtube ආයතනයෙන් දැඩි තීරණයක්

පසුගියදා ස්ත්‍රී දූෂණ, ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සුපිරි හොලිවුඩ් නළු රසල් බ්‍රෑන්ඩ් හට ගෙවීම් නතර කිරීමට යූටියුබ් ආයතනය තීරණය කර තිබෙනවා.

ඊට හේතු ලෙස යූටියුබ් ආයතනය දක්වා ඇත්තේ රසල් විසින් යූටියුබ් ආයතනයේ නිර්මාපක වගකීම් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

කිසියම් නිර්මාපකයෙකු වේදිකාවෙන් පිටත හැසිරීම අපගේ පරිශීලකයින්ට, සේවකයින්ට හෝ පරිසර පද්ධතියට හානි කරයි නම්, ප්‍රජාව ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

රසල් බ්‍රෑන්ඩ්ගේ යූටියුබ් නාලිකාව වටා මිලියන 6.61ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් එක් රොක්ව සිටින අතර යූටියුබ් ආයතනයේ මෙම තීරණය ඔහුට එල්ල කළ දැවැන්ත මූල්‍ය පහරක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

2006 සිට 2013 දක්වා කාලය තුළ කාන්තාවන් සිව්දෙනෙකුට රසල් විසින් ලිංගික අතවර කර ඇති බවට පසුගියදා චෝදනා එල්ල වුණා. ද සන්ඩේ ටයිම්ස්, ද ටයිම්ස් සහ චැනල් 4 නාළිකාවේ ඩිස්පෑචස් යන වාර්තාමය වැඩසටහන් ඒකාබද්ධව සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි ඔහුට එම චෝදනා එල්ලකර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම චෝදනාවන් පදනම් විරහිත බව හොලිවුඩ් නළු රසල් බ්‍රෑන්ඩ් පවසා තිබෙනවා.