27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්කෝටි හැටහතර ලක්ෂයක හෂීස් තොගයක් රේගු භාරයට

එක්කෝටි හැටහතර ලක්ෂයක හෂීස් තොගයක් රේගු භාරයට

බෙල්ජියමේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කළ බහාලුමක වූ පාර්සලයක තිබූ රුපියල් එක්කෝටි හැට හතර ලක්ෂ හැත්තෑ දහසක් වටිනා හෂීස් තොගයක් ඔරුගොඩවත්ත බහාලුම් පර්යන්තයේදී රේගු ගමන් බඩු අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පැවසීය.

මෙම පාර්සලය හලාවත, වෙන්නප්පුව ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ අතර එහි කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 098 ක් බර හෂීස් තොගයක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම ලිපිනය පිළිබඳව රේගු නිලධාරීන් සිදු කළ සොයා බැලීම්වලදී, එය ව්‍යාජ එකක් බවට කරුණු සනාථ වී ඇති අතර මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් මේ වනවිට කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.