― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldජපානයේ වැඩිහිටි ජනගහනය වැඩිවෙයි

ජපානයේ වැඩිහිටි ජනගහනය වැඩිවෙයි

ඉතිහාසයේ පළමු වරට ජපාන වැසියන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් අවුරුදු 80 හෝ ඊට වැඩි බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

මිලියන 125ක් වූ ජපාන ජනගහනයෙන් 29.1% වයස අවුරුදු 65 හෝ ඊට වඩා වැඩි පුද්ගලයින් බව ජාතික දත්ත වාර්තාවන් උපුටා දක්වමින් වි‍දෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලොව අඩුම උපත් අගයක් සහිත රටවල් අතරින් එකක් ලෙස ජපානය සැලකෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව අවුරුදු 65 හෝ ඊට වැඩි වයසේ ජනතාව රටක වැඩිහිටි ජනගහනය ලෙස සැලකෙනවා.

ඒ අනුව ජපානය ලොව වැඩිහිටි ජනගහනය වැඩිම රට ලෙස සැලකේ.    

ඉතාලිය මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ 24.5%ක වැඩිහිටි ජනහනයක් සිටින බැවිනි.

23.6% ක ජනගහනයක් වාර්තාවන ෆින්ලන්තය ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවෙනවා.

2040 වනවිට ජපාන ජනගහනයෙන් 34.8% ක් වයස අවුරුදු 65 ඉක්මවූ වැඩිහිටි ජනගහනය වන බවට ගණන් බලා ඇත්තේ ජනගහන සහ සමාජ ආරක්ෂණය පිළිබඳ ජාතික පර්යේෂණායතනයට අනුවයි.

ජපානයේ ජාතික ශ්‍රම බලකායෙන් 13% ක් වයස අවුරුදු 65 හෝ ඊට වැඩි ජනහනය විසින් නියෝජනය කරනු ලබයි.

ජපානයේ අසල්වැසි රටවල් ඇතුළු බොහෝ රටවල උපත් අනුපාතිකය මන්දගාමී වන නමුත් ජපානයේ මෙය උග්‍ර තත්ත්වයක පවතී.

පසුගිය වසරේ ජපානයේ උපත ලද ළඳරුවන් සංඛ්‍යාව 800,000 කට වඩා අඩු වන අතර මෙය සැලකෙන්නේ ,19 වන සියවසේ වාර්තා වූ අඩුම උපත් සංඛ්‍යාවක් ලෙසයි.

1970 ගණන්වලදී එම අගය මිලියන 2කට වඩා වැඩි ගණනකින් එම අගය පැවතුණි.

තම රටේ උපත් අනුපාතය අඩුවීම නිසා සමාජයක් ලෙස ක්‍රියා කිරීමට නොහැකි තත්ත්වයක පසුවන බව අග්‍රාමාත්‍ය Fumio Kishida මෙම වසර ආරම්භයේදී කියා සිටියා.