― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදසුන්ගේ නායකත්වය ගැන මාලිංගගෙන් ප්‍රකාශයක්

දසුන්ගේ නායකත්වය ගැන මාලිංගගෙන් ප්‍රකාශයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය මෙහෙයවිය යුතු බවට හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියාසිටියේ දසුන් ශානක කණ්ඩායමේ ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රීඩා ලෝලීන්ට දුෂ්කර කාලසීමාවකදී නායකත්වය භාරගත් බවයි.

ඔහුගේ නායකත්වය තුලින් ශ්‍රී ලංකා කණ්ඩායම ජාතික තලයේ ස්ථාවරත්වයක් මෙන්ම ගෞරවයක් රැගෙන ඒමට සමත්වූ බවයි මාලිංග පෙන්වා දෙන්නේ.

ඔහුගේ සන්සුන් මෙන්ම සාමුහික කැපවීම අත්‍යවශ්‍ය කරුණක් බව ද හිටපු වේග පන්දු යවන්නා ප්‍රකාශ කරනවා.

ආසියානු කුසලානය ද ජයග්‍රහණය කර වාර්තාගත එක්දින තරග ජයග්‍රහණ වාර්තාවක් ද සමගින් දසුන් ශානක ලෝක කුසලාන තරගාවලියේ ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වනු ඇතැයි තමා ඇතුලු සියලුදෙනාගේ අපේක්ෂාව බව ලසිත් මාලිංග සඳහන් කර තිබෙනවා.

අලුත් නායකත්වයක් යටතේ ලෝක කුසලාන තරගාවලියට යාම කණ්ඩායමට සහයෝගයක් නොවන බවයි මාලිංග ප්‍රකාශ කර ඇත්තේ.

එබැවින් තීරණයක් ගැනීමට පෙර ක්‍රිකට් ආයතන බලධාරීන් මේ සියල්ල සැලකිල්ලට ගනු ඇතැයි තමා බලාපොරොත්තු වන අතර සාර්ථක ක්‍රිකට් ලෝක කුසලානයක් සඳහා දසුන් ඇතුලු කණ්ඩායමට සහාය දෙන බව ද මාලිංග සඳහන් කර තිබෙනවා.