27.2 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්

ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්

වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පළමු අදියරේ නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

ඊයේ දිනයේදී ලැබුණ අධික වර්ෂාපතනය සමඟ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය රාත්‍රී 10.30ට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළා.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය හා නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ, අඟලවත්ත,මතුගම, වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ දැරණියගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ සහ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර එක යටතේ විමසිලිමත් බවෙන් සිටින ලෙස නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.