27.8 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංවිමට එරෙහිව අධිකරණ නියෝගයක්

ලංවිමට එරෙහිව අධිකරණ නියෝගයක්

සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය නොදීම තුළින් ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය බරපතළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුකර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

එම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් පෙත්සම්කරුවන්ට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ක්‍රියාවට වගකිවයුතු නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටයි බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර ඇත්තේ.