26.7 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකතකට නොහොබිනා දෙයක් කළ සිසුවෙකුට ප්‍රහාරයක්

කතකට නොහොබිනා දෙයක් කළ සිසුවෙකුට ප්‍රහාරයක්

කාන්තාවකට අයුතු බලපෑම් කළ 16 හැවිරිදි පාසල් සිසුවෙකුට පහර දුන් පිරිස සොයා මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පොලීසිය පැවසුවේ මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ දෙවලපොල, ගනිහිමුල්ල ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් බවයි.

මෙම සිසුවා විසින් මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකට අයුතු බලපෑම් කර ඇති අතර එම කාන්තාව මේ පිළිබඳව ඇයගේ සැමියා දැනුවත් කර තිබේ.

පසුව එම සිසුවා සොයා පැමිණි සැමියා ඇතුළු කණ්ඩායමක් කාර් රථයකින් එම සිසුවා පැහැරගෙන ගොස් පහර දී තිබෙන බවයි වාර්තා වන්නේ.

පහරකෑමට ලක්වූ සිසුවා ඔවුන්ගෙන් මිදී පලායාමෙන් අනතුරුව සිය පියාද සමඟ මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පොලීසිය සඳහන් කළේ සැකකරුවන් සොයා කණ්ඩායම් කීපයක් විමර්ශන සිදුකරන බවයි.