චාල්ස් රජු සහ කැමිලා රැජින ප්‍රංශයේ රාජ්‍ය සංචාරයක නිරත වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තෙදින චාරිකාවක් සඳහා චාල්ස් රජු සහ කැමිලා රැජින ප්‍රංශයට පැමිණ ඇති බවයි.
ප්‍රංශ අගමැති එලිසබෙත් බෝර්න් විසින් චාරිත්‍රානුකූල ඔවුන් දෙදෙනා පිළිගෙන ඇති අතර ඉන්පසුව පසු රජු සහ රැජින එලිසි මාලිගය වෙත ගිය අතර එහිදී රජු සහ ප්‍රංශ ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික හමුවක් පවත්වා තිබේ.
Arc de Triomphe හි දී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ඔහුගේ බිරිඳ බ්‍රිජිට් විසින් රජු සහ රැජින පිළිගනු ලැබීය. චාරිත්‍රානුකූල පිළිගැනීමේදී, චාල්ස් රජු ජනපති මැක්‍රොන් විසින් ඔහුට ලබා දුන් Comite de la Flamme භාවිතා කරමින් සදාකාලික දැල්ල නැවත දැල්වීම සිදු කරනු ලැබුවා.
පසුව ඔවුන් සොල්දාදුවෙකුගේ සොහොන වෙත මල් වඩමක් තබා ආචාර කරනු ලැබූ අතර උත්සවය අතරතුර ප්‍රංශ ගුවන් හමුදාවෙන්ද ආචාර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.




