30 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඉදිරියේදීත් ප්‍රහාර එල්ල විය හැකියි - ඇමති ප්‍රමිත

ඉදිරියේදීත් ප්‍රහාර එල්ල විය හැකියි – ඇමති ප්‍රමිත

පාස්කු ප්‍රහාරය ශ්‍රී ලංකාවේ අවසන් ප්‍රහාරය යැයි කිව නොහැකි බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය.

ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ පළමු දිනයේ සාකච්ඡාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

රටේ මෙන්ම පිටරටවලද මූලධර්මවාදීන් සිටින අතර ඉදිරියේදී ප්‍රහාර එල්ල වීමට ඉඩ ඇති බවත් එම නිසා පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හානියක් වන ආකාරයේ අදහස් පළ කිරීමෙන් වළකින ලෙස තමා සියලු දෙනාගෙන් නිහතමානීව ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන දෙපාර්තමේන්තුව අවධානයෙන් සිටිය යුතු බවද ඔහු අවධාරණය කළේ.