26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙහිඕවිට නිවසක නාන කාමරයේ මළ සිරුරක්

දෙහිඕවිට නිවසක නාන කාමරයේ මළ සිරුරක්

අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් දෙහිඕවිට නගරය ආසන්නයේ නිවසක නාන කාමරයක් තුළ තිබිය දී සොයාගෙන තිබෙනවා.

දෙහිඕවිට පොලිසිය විසින් අද (22) උදෑසන එම කාන්තා මළ සිරුර සොයාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවූ විවාහක කාන්තාවක් බවයි වාර්තා වුණේ. මෙම කාන්තාව ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන තැනැත්තියක් වන අතර සිද්ධිය සිදුව අවස්ථාවේ දී ඇයගේ සැමියා නිවසේ නොසිටි බවයි තොරතුරු වාර්තා වන්නේ.

සැමියා මේ වනවිට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා දෙහිඕවිට පොලිසියට කැඳවාගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.