― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිර්දේශයකින් තොරව සිසුන්ට ඉන්හේලර් විකුණූ අයෙක් අල්ලයි

නිර්දේශයකින් තොරව සිසුන්ට ඉන්හේලර් විකුණූ අයෙක් අල්ලයි

වෛද්‍ය නිර්දේශයකින් තොරව පාසල් සිසුන්ට ඉන්හේලර් උපකරණ ලබාදුන් බව කියන ව්‍යාපාරිකයෙකු ගොකරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉබ්බාගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් විසින් කර ඇති පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (21) දින එම පාසලේ ගුරුවරිය විසින් පාසල් දරුවන්ගේ පොත් බෑග් හදිසි පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී ළමුන් කිහිප දෙනෙකුගේ බෑග් තුළ තිබී ඉන්හේලර් උපකරණ සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එහිදී සිදුකළ විමසීමක දී මෙම උපකරණ ලබාදුන්නේ ඉබ්බාගමුව ප්‍රදේශයේ දුරකථන අලෙවිසැලක් පවත්වාගෙන යන අයෙකු විසින් බවයි සිසුන් පවසා ඇත්තේ.

අනතුරුව මේ සම්බන්ධයෙන් ගුරුවරිය විසින් ගොකරැල්ල පොලීසිය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුවයි සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.