31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවයෝවෘද්ධ කතකට හදි කළ අයෙක් සොයා විමර්ශන

වයෝවෘද්ධ කතකට හදි කළ අයෙක් සොයා විමර්ශන

වයෝවෘද්ධ කාන්තාවක් අපයෝජනයට ලක්කළ අයෙක් සොයා කැලණිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කළේ වරාගොඩ පාර, කැලණිය ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් ඊයේ අලුයම් කාලයේ මෙලෙස ඇයගේ නිවස තුළදී අපයෝජනයට ලක්වී ඇති අතර ඇයගේ රන් භාණ්ඩද කොල්ල කා ඇති බවයි.

නිවස තුළට පැමිණි පුද්ගලයෙකු පිහියක් පෙන්වා ඇයව අපයෝජනයට ලක් කර ඇය පැළඳ සිටි රන් භාණ්ඩ කොල්ල කා පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ වනවිටත් කණ්ඩායම් කිහිපයක් සීසීටීවි දර්ශන පරික්ෂා කර සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් අරඹා තිබේ.