27 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාවික හමුදාවෙන් ගාලු මුවදොර වෙරළේ රුක් රෝපණ වැඩසටහනක්

නාවික හමුදාවෙන් ගාලු මුවදොර වෙරළේ රුක් රෝපණ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, සීමාසහිත ශ්‍රී ලංකා නැව් සමාගම සමග එක්ව අද ගාලු මුවදොර වෙරළ තීරය ‍කේන්ද්‍ර කර ගනිමින් රුක්රෝපණ වැඩසටහනක් සිදු කර තිබෙනවා.

මෙම රුක් රෝපණ වැඩසටහන යටතේ, ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් මූදිල්ල පැළ 50ක පමණ ප්‍රමාණයක් රෝපණය කිරීමට කටයුතු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එමඟින් වෙරළාශ්‍රිත පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය සුරැකීම අපේක්ෂාවයි.

මෙම අවස්ථාව සඳහා හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු නාවික හමුදා සාමාජිකයන් සහ සීමාසහිත ශ්‍රී ලංකා නැව් සමාගමේ නිලධාරීන් පිරිසක් එක්වී සිටියා.