― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරට ස්ථාවර කරන්න කතා කිරීමේ නිදහස කැප කළ යුතු නෑ

රට ස්ථාවර කරන්න කතා කිරීමේ නිදහස කැප කළ යුතු නෑ

මෙරට ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ අමෙරිකා එක්සත් ජනපදය දැඩි බලාපොරොත්තුවකින් පසු වන බව මෙරට එක්සත් ජනපද තානාපතිනි ජුලි චන්ග් අවධාරණය කරයි.

ජාත්‍යන්තර සාම දිනය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභා ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

“අප විශ්වාස කරනවා සාමය විවිධ ආකාරවලින් අත්කරගත හැකි බව. ආර්ථික සංවර්ධනයේ අවස්ථාවන් සඳහා ප්‍රජාවන් එක්සත් ව කටයුතු කිරීම එවැනි එක් ආකාරයක්. අද රටේ නායකයන්ට මම කියා සිටින්නේ, මේ රටේ තරුණ පෙළ පිළිගැනීමකට ලක්කොට රටේ අනාගතය ලෙස සවිබල ගැන්වීම සඳහා අප ඔබ දිරිගන්වන බව.අපි සියලු දෙනා ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු සහගත වෙමු. ආර්ථික ස්ථාවරත්වය, දේශපාලන ස්ථාවරත්වය, නවෝත්පාදන ගොඩනැංවීම මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම ගැන අපේක්ෂා සහගත වෙමු. දූෂණයට එරෙහි ව ක්‍රමානුකූල වෙනසක් ඇති කරමු.මොකද ස්ථාවරත්වය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ අගයන් කැප කර ලබා ගත යුත්තක් නොවන නිසා. එය සාමකාමී විරෝධතාවක්, කලා නිර්මාණයක් මඟින් අදහස් පළ කිරීමක් හෝ සමාජ මාධ්‍ය අදහස් දැක්වීමක් විය හැකියි. අද මම ඔබට ප්‍රතිඥාවක් ලබා දෙනවා, සාමය පිළිබඳ අඛණ්ඩ විශ්වාසයක් තබන අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ අනාගතය, සාමය සහ එක්සත්භාවය උදෙසා ඔබ සමඟ කටයුතු කරන බවට.”