29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපරීක්ෂණ හරියට කරනවා නම් ජාත්‍යන්තරයට යන්න ඕනේ නෑ

පරීක්ෂණ හරියට කරනවා නම් ජාත්‍යන්තරයට යන්න ඕනේ නෑ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන බලපෑම්වලින් තොර විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (24) ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයේ ස්වර්ණ ජයන්ති මංගල්‍යයට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ අවංකව, දේශපාලන බලපෑම්වලට යටවෙලා එක එක අයව ආරක්ෂා නොකර ඇත්ත වශයෙන්ම අවංක නිලධාරීන් හරහා නායකයෝ නායකත්වය ගන්නවා නම් ජාත්‍යන්තරයට යන්න අවශ්‍ය නොවන බවත්, විනිවිඳ පෙනෙන ක්‍රමවේද හරහා මේ සියල්ල කළ යුතු බවත්ය.

විමර්ශන කරන්නට නායකයෝ නායකත්වය ගන්වානම්, ඒකට ක්‍රියා කරනවානම්, හැබැයි අවංක ලෙස, දේශපාලන බලපෑම්වලට යටවෙලා එයාලව මෙයාලව ආරක්ෂා නොකර ඇත්තටම මොකද්ද වුණේ කියන එකේ ඇත්ත සොයාගන්න අවංක නිලධාරීන් හරහා යම් ප්‍රයත්නයක් දරනවා නම් අපිට ඒකෙන් ජාත්‍යන්තරයට යන්න අවශ්‍ය නැහැ. අපි කියන්නේ විනිවිඳපෙනෙන ක්‍රමවේද හරහා මේ සියල්ල කරන්න කියලා.