26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස් නිලධාරීන්ට පහර දුන් සිසුන් 06ක් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන්ට පහර දුන් සිසුන් 06ක් අත්අඩංගුවට

ගල්කිස්ස වෙරළ තීරයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් පාසල් සිසුන් පස්දෙනෙක් ඇතුළු හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස පහරකෑමට ලක්ව වූ පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ගල්කිස්ස වෙරළ තීරයේ ගල්පර සහිත අනතුරුදායක මුහුදේ බීමතින් පුද්ගලයන් පිරිසක් අනාරක්ෂිත ලෙස දිය නාමින් සිටින බවට ගල්කිස්ස පොලිස් වෙරළ ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබෙනවා.

අදාළ තොරතුර මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී දියනෑමට නුසුදුසු අනාරක්ෂිත ස්ථානයක සිටි පුද්ගලයින් 06 දෙනෙකු නිරීක්ෂණය වී තිබෙනවා.

පසුව ඔවුන්ට එම ස්ථානයේ දිය නෑමට අනාරක්ෂිත බවට දන්වා ඇති අතර ඉන් පිටව යන ලෙසට පොලිස් නිලධාරීන් දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථවේදී එම පිරිස පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන කලහකාරී ලෙස හැසිරී ඇති අතර නිලධාරීන් එම තත්ත්වය පාලනය කිරීමට යාමේ දී එම පිරිස පොලිස් නිලධාරීන්ට පහරදී තිබෙනවා.

පසුව මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති අතර ඔවුන් වයස අවුරුදු 16 සහ 30 අතර වයස්වල පසුවන්නන්.

රත්මලාන, පිළියන්දල සහ අහුන්ගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තිබෙනවා.