― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමව්කිරි සිරවීමෙන් බිළිඳෙක් ජීවිතක්ෂයට

මව්කිරි සිරවීමෙන් බිළිඳෙක් ජීවිතක්ෂයට

මාස 03ක කුඩා බිළිඳෙකු මව්කිරි සිරවීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව යාපනය රෝහල් ආරංචිමාර්ග පවසනවා.

මව විසින් පෙරේදා (23) රාත්‍රියේ බිළිඳාට මව්කිරි ලබාදීමේ දී කිරි පිට උඟුරේ යෑම හේතුවෙන් බිළිඳා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

බිළිඳා රෝහල් ගතකරන අවස්ථාව වන විටත් අවාසනාවන්ත ලෙස මියගොස් සිටි බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.

මියගිය බිළිඳාගේ මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (24) යාපනය රෝහල් මෘත ශරීරාගාරයේ දී සිදුකර තිබෙනවා.

එහිදී අනාවරණය වි ඇත්තේ මව්කිරි පෙනහළු ආශ්‍රිතව සිරවීමෙන් බිළිඳා මියගොස් ඇති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර ඥාතීන් වෙත භාරදුන් බව රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවා.