31.1 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉතාලියේ මාෆියා බොස් ජීවිතක්ෂයට

ඉතාලියේ මාෆියා බොස් ජීවිතක්ෂයට

ඉතාලියේ මාෆියා බොස්’ ලෙස සැලකෙන මටියෝ මෙසීනා ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර 30කට අධික කාලයක් පොලිසියට කට්ටි පනිමින් සිට පසුගිය ජනවාරියේදී අත්අඩංගුවට ගත් මොහු වයස අවුරුදු 61ක් වන පිළිකා රෝගියෙක් බවයි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු රෝහල්ගත කර සිටියදීයි ඔහු මිය ගොස් ඇත්තේ.

ඉතාලිය විසින් මොහු ඝාතන රැල්ලකට වගකිවයුතු මහ මොළකරු ලෙස ලේබල්ගත කර තිබූ අතර මොහු අත්අඩංගුවට ගැනීමට වසර 30ක් පුරා වැටලීම් සහ මෙහෙයුම් සිදු කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.