30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසජීවී ලිංගික දර්ශන අන්තර්ජාලයට මුදාහැරීමේ ජාවාරමක්

සජීවී ලිංගික දර්ශන අන්තර්ජාලයට මුදාහැරීමේ ජාවාරමක්

සජීවී ලෙස ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙමින් නිරුවත් දර්ශන අන්තර්ජාලය ඔස්සේ මුදාහැර මුදල් ඉපැයීමේ ජාවාරමක තොරතුරු අනාවරණය වී තිබේ.

පොලිසිය සඳහන් කළේ අළුබෝමුල්ල, අරුක්ගොඩ පදිංචි සචිනි ඉමල්කා මධුවන්ති නමැති අදාළ සැකකාරිය ඊයේ අත් අඩංගුවට ගත් බවයි.

සැකකාරිය අද (27) තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

විවිධ ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන අයුරු අන්තර්ජාලය ඔස්සේ සජීවීව නැරැඹීමට පැකේජ කිහිපයක් හඳුන්වා දෙමින් ඉතා සූක්ෂම ලෙස මෙම ජාවාරම සිදු කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පවසා සිටියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් එම පැකේජවලට අදාළ මුදල් බැංකු ගත කිරීමෙන් අනතුරුව අදාළ කාන්තාවන් සජීවී ලෙස නිරුවත් දර්ශන අන්තර්ජාලය ඔස්සේ බෙදා හරින බවයි.

මෙම ජාවාරම පිළිබඳ පොලිස්පතිවරයා වෙත ලද තොරතුරකට අනුව අදාළ විමර්ශනය ආරම්භ කර ඇති අතර විවිධ වයස් සීමාවල කාන්තාවන් සජීවී ලෙස සිය නිරුවත් දර්ශන අන්තර්ජාලය ඔස්සේ මුදා හරිමින් දිනකට රුපියල් 20000ත් 30000ත් අතර මුදලක් උපයා ඇති බවයි පොලීසිය පවසන්නේ.