27.8 C
Colombo
Wednesday, May 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුහල්පති පුරප්පාඩු පිරවීම කඩිනම් කරන්නැයි නියෝග

විදුහල්පති පුරප්පාඩු පිරවීම කඩිනම් කරන්නැයි නියෝග

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) නියෝග කළේය.

ඒ අදාළ බඳවා ගැනීම්වලට එරෙහිව ශ්‍රේෂඨාධිකරණය හමුවේ, ගොනු කළ තිබූ පෙත්සමේ අතුරු නියෝගය ඉල්ලා අස්කර ගැනීම හේතුවෙනුයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

ගුරුවරුන් බඳවා ගැනිමේ චක්‍රලේඛය අත්හිටුවන ලෙස මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබූ අතර එයද අද ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.