25 C
Colombo
Wednesday, November 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldශකීරාට දෙවන වරටත් බදු අපරාධ චෝදනා

ශකීරාට දෙවන වරටත් බදු අපරාධ චෝදනා

කොලොම්බියානු පොප් ගායිකා ශකීරාට ස්පාඤ්ඤ රජය දෙවන වරටත් බදු වංචා කිරීමේ චෝදනාව එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ශකීරා 2018 දී අමෙරිකානු ඩොලර් මිලියන 7.1ක බදු මුදලක් වංචා කර ඇති බවට ස්පාඤ්ඤයේ නඩු පවරන්නන් චෝදනා කරන බවයි.

ඇයගේ El Dorado ලෝක සංචාරය සඳහා මිලියන ගණනක් අත්තිකාරම් ගෙවීම් ප්‍රකාශ කිරීමට අපොහොසත් වූ නිසා මෙය සිදුවූ බවයි නඩු පවරන්නන් සඳහන් කරන්නේ.

ඔවුන් විසින් 2023 ජූලි මාසයේදී දෙවන පරීක්ෂණය ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.