29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldග්‍රීසියේ බැටළු රංචුවක් ගංජා කිලෝ 100ක් කාලා

ග්‍රීසියේ බැටළු රංචුවක් ගංජා කිලෝ 100ක් කාලා

ග්‍රීසියේ Almyros නගරය අසල බැටළු රංචුවක් පසුගියදා හරිතාගාරයක් තුළ වගා කරන ලද ගංජා කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් කා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම හරිතාගාරය තුළ ඖෂධමය භාවිතය සඳහා වගා කර තිබූ ගංජා කිලෝ 100ක් පමණ බැටළුවන් කා දමා ඇති අතර ග්‍රීසිය, ලිබියාව, තුර්කිය සහ බල්ගේරියාවට බලපෑ ඩැනියෙල් කුණාටුවෙන් පසු මෙම බැටළු රංචුව ගංවතුරෙන් පීඩාවට පත් වූ රංචුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බැටළු රංචුව අයත් එඬේරා ඔවුන්ව සොයාගත් විට බැටළුවන් අමුතු ලෙස හැසිරෙන බව ඔහුට නිරීක්ෂණය වූ බවයි ඔහු පවසන්නේ.

කෙසේනමුත් ගංවතුරින් පීඩාවට පත් වී සිටි ඔවුන්ට ඉතිරිව තිබූ ගංජා ප්‍රමාණය බැටළුවන් කා දැමීම ඔවුන්ට සිදුවූ විශාල පාඩුවක් බවයි එම ගංජා වගා කර තිබූ හරිතාගාරයේ අයිතිකරු පවසා ඇත්තේ.

ඖෂධීය අරමුණු සඳහා 2017 සිට ගංජා වගා කිරීම ග්‍රීසියේ නීත්‍යානුකූල කර ඇත.