26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතැපැල් දුම්රියට වන අලි සිවුදෙනෙක් බිලිවෙයි

තැපැල් දුම්රියට වන අලි සිවුදෙනෙක් බිලිවෙයි

කන්කසන්තුරේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ වන අලි රංචුවක් ගැටීමෙන් වන අලි සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම වන අලි සිව්දෙනා ඊයේ (27) රාත්‍රියේ 11.50ට පමණ ගල්ගමුව නගරයට ආසන්නයේදී මෙලෙස දුම්රියේ ගැටී මෙම අනතුර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස වන අලි දුම්රියේ ගැටීමෙන් දුම්රියේ එන්ජිමේ කොටසකට ද හානි සිදුව තිබෙනවා. අනතුරෙන් පසු පැයක පමණ ප්‍රමාදයකින් අනතුරුව දුම්රිය යළි කොළඹ බලා ගමන් ඇරඹු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුරින් මිය ගොස් ඇති සහ තුවාල ලබා ඇති වන අලි පිළිබඳව ගල්ගමුව වන අලි පාලන ඒකකට දැනුම්දීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.