26.1 C
Colombo
Thursday, May 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෘදයාබාධ නිසා රෝහල්ගත වන ප්‍රමාණය ඉහළට

හෘදයාබාධ නිසා රෝහල්ගත වන ප්‍රමාණය ඉහළට

හෘදයාබාධ හේතුවෙන් මියයන සහ රෝහල්ගත වන ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරීන් බාලසිංහම් පැවසීය.

ඇය මේ බව සඳහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පෙන්වා දුන්නේ 2020 වසරේදී රජයේ රෝහල්වල සිදුවූ මරණවලින් 52%ක් හෘදයාබාධ හේතුවෙන් සිදුව ඇති බවයි.

“2021 මේ හේතුවෙන් රජයේ රෝහල්වල රෝහල්ගත වන සංඛ්‍යාව සහ මරණ දෙකම සඳහන්වෙලා වයස අවුරුදු 18 – 28යි අතර වගේම අවුරුදු 29 – 39 අතරත් කාන්තා පිරිමි දෙගොල්ලෝම ඉස්චෙමිc හේර්ට් ඩිසේසෙ නිසා රෝහල්ගත වෙලා තියෙනවා. ඒ වගේම සෑහෙන කට්ටියක් මියගිහින් තියෙනවා. මේක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්.”