― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවාහන මිල ඉහළ යන ලකුණු

වාහන මිල ඉහළ යන ලකුණු

විද්‍යුත් වාහන ආනයනය කිරීම මඟින් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

විද්‍යුත් වාහන ආනයනය කිරීමේ අවස්ථාව එක් ආයතනයකට පමණක් ලබාදීම නිසා වෙළෙඳපොළ ඒකාධිකාරයක් නිර්මාණය වන බවයි එම සංගමය සඳහන් කළේ.

කිලෝවොට් 500 දක්වා බලය සහිත විද්‍යුත් වාහන හෝ ප්ලගින සීසී 3000 දක්වා ආනයනය කිරීම සඳහා සියයට සියයක රේගු ගාස්තුවක් පැනවීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

මෙහිදී වාහන ගෙන්වීම එක් ආයතනයකට ප්‍රතිලාභය සැලසෙන පරිදි අවස්ථාව සලසාදී තිබෙන බවත්, මෙම විද්‍යුත් වාහන සඳහා පළමු වසර දෙකේදි මෙරට තුළදී අගය එකතු කිරීමක් අවශ්‍ය නොවන බවත්, මෙලෙස එක් ආයතනයකට පමණක් වාහන ආනයනය කිරීමේ අවස්ථාව ලබාදීම නිසා එම ආයතනයට සිය අභිමතය පරිදි වාහන මිල ගණන් ඉහළ දැමීමේ අවස්ථාව හිමිවන බවත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

අදාළ කැබිනට් යෝජනාව අනුමත වුවහොත් දැනට පිරිහෙමින් පවතින වාහන කර්මාන්තයට තවත් දැඩි ලෙස බලපෑමක් එල්ල වන බවත්, මෙලෙස වාහන ආනයනය කිරීම නිසා ජාතික ආදායමට හෝ ආර්ථිකයට අපේක්ෂිත ප්‍රතිඵලයක් අත් නොවන බවත්, තීරුබදු රහිතව වාහන ආනයනය කිරීම නිසා රජයට වාසියක් නොලැබෙන බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.