26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසංස්කෘතියට ගරු කරන දරුවෙක් හැදීම දෙමාපියන්ගේ වගකීමක්

සංස්කෘතියට ගරු කරන දරුවෙක් හැදීම දෙමාපියන්ගේ වගකීමක්

මෙරට පැරණි හෝ නූතන පරම්පරාවට අයත් කවුරුන් හෝ වේවා රටේ පවතින සංස්කෘතියට ගරු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ තංගල්ල ශාඛා සමිතිය පිහිටුවීමේ ජනහමුවට සහභාගී වෙමිනි.

“සංස්කෘතියට ගරු කරන දරුවෙක් සමාජයට දායාද කරන එක දෙමාපියන් සතු වගකීමක්. ඒක සිංහල, දමිල, මුස්ලිම් සහ බර්ගර් යන යන ඕනෑම සංස්කෘතියකට සරිලන ලෙස අපි දරුවන් නිර්මාණය කල යුතුයි. ඒක තමයි දෙමාපියන් ලෙස අපගේ යුතුකම සහ වගකීම. මුස්ලිම් දරුවෙක් මුස්ලිම් සංස්කෘතියට අනුකූලව ඇදුමක් ඇදීමටවත්, දමිල තරුණයෙක් වේට්ටිය ඇදීමටවත්, සිංහල තරුණයෙක් සරම ඇදීමටවත් ලැජ්ජා විය යුතු නැහැ. සංස්කෘතියට ආගමට ගරු කරන සමාජය තුලින් රටේ ආර්ථික වර්ධනයට අදාල ප්‍රතිලාභ ලඟා කර ගත හැකියි.”