― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්කෝටි දෙලක්ෂයක රන් භාණ්ඩ සමඟ කතක් අත්අඩංගුවට

එක්කෝටි දෙලක්ෂයක රන් භාණ්ඩ සමඟ කතක් අත්අඩංගුවට

රුපියල් එක්කෝටි දෙලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික කතක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය අද (28) අලුයම කටුනායක ගුවන්තොටුපොළ සියලු පරීක්ෂණ නිමවා, පිටතට යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් 54 හැවිරිදි කාන්තාව කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇය නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වන්නියක් බවයි පොලීසිය පවසන්නේ.

ඇය අද අලුයම 03ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ 1171 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලක ග්‍රෑම් 587 යි මිලි ග්‍රෑම් 316 ක් බරැති මෙම ස්වර්ණාභරණ තොගය සගවා ගෙන තිබී ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් ස්වර්ණාභරණ තොගය සහ ඒවා නීතිවිරෝධී ලෙස රැගෙන ආ ව්‍යාපාරික කාන්තාව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ.