― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportඅනුශූරතාව දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිවයිනට

අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිවයිනට

චීනයේ හැංෂො හි පැවති 19 වන ආසියානු ක්‍රීඩා උළෙලේ දී කාන්තා ක්‍රිකට් රිදී පදක්කම දිනූ (අනුශූරතාව) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (28) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊයේ (28) රාත්‍රී 08.40 ට චීනයේ කුංමිං සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ 713 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ක්‍රීඩිකාවන් පිළිගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ කණ්ඩායම් නායිකා චමරි අතපත්තු,

“මට ගොඩක් සතුටුයි මේ ජයග්‍රහණය පිළිබඳව මේ අවුරුද්ද අපට හොද වසරක්. අපි එංගලන්තය පරදා විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණයක් ලැබුවා. ඊට අමතරව බංග්ලාදේශය සහ නවසීලන්තයත් පරාජය කළා. අපගේ ඉදිරි බලාපොරොත්තුව ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීම, අපගේ පන්දු යැවීම සහ පන්දු රැකීම හොද මට්ටමක පවතිනවා. පිතිකරණයත් දියුණු කරලා හදාගන්න ඕන, එහෙම උනොත් අපිට ලෝක ශූරතාවය දිනාගැනීමට පුළුවන්.”