― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsඅනෙක් රටවල් ශ්‍රී ලංකාව දිහා සැකෙන් බලන්න අරන් - ජනපති

අනෙක් රටවල් ශ්‍රී ලංකාව දිහා සැකෙන් බලන්න අරන් – ජනපති

2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් හා චීනය අතර මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත් නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

‘බර්ලින් ග්ලෝබල්’ සමුළුවේ’ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

‘එක් තීරයක් – එක් මාවතක්’ වැඩසටහන සමඟ ශ්‍රී ලංකාව වැනි රටවල් දෙස අනෙකුත් රටවල් සැකයෙන් බැලීමට පටන් ගෙන තිබෙන බවත් මෙය ගෝලීය දකුණේ ආර්ථික අපේක්ෂාවන්ට බලපෑමක් එල්ල කෙරෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි රටවල්, ඇමරිකාව, ඉන්දියාව සහ චීනය වැනි රටවල් සමඟ කටයුතු කිරීමට පුරුදු වී සිටින බවත් එය තවදුරටත් අලුත් දෙයක් නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙම දේශනයෙන් අනතුරුව පැවති ප්‍රධාන සංවාදයට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව සහ බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය කෘතවේදීව සිහිපත් කරන බවයි.

ආර්ථික අර්බුදවලට මුහුණ දීමේ දී දියුණු රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර ඇති අසමානතා ස්වෛරීත්ව ණය අර්බුදයට මූලික හේතුව බව මෙම සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසුවා.

සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් මුහුණ දී ඇති සැලකිය යුතු ණය බර සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි දැනට පවතින යාන්ත්‍රණවල ඇති සීමාවන් සැලකිල්ලට ගෙන තවත් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.