23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඑංගලන්ත සත්වෝද්‍යානයකට දුර්ලභ 'ඇන්ඩියන් වලසෙක්'

එංගලන්ත සත්වෝද්‍යානයකට දුර්ලභ ‘ඇන්ඩියන් වලසෙක්’

පසුගිය දා එංගලන්තයේ චෙස්ටර් සත්වෝද්‍යානයට අති දුර්ලභ ‘ඇන්ඩියන් වලසෙකු’ ගෙනැවිත් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වලස් විශේෂය වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති අතර
විශේෂ අභිජනන වැඩසටහනක් සඳහායි මොහු සත්වෝද්‍යානයට ගෙනැවිත් තිබෙන්නේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මෙම සත්වෝද්‍යානයේ සිටින වයස අවුරුදු 3ක් වන ‘පචා’ නම් ගැහැණු සත්ත්වයා මෙම අභිජනන ක්‍රියාවලියට තොරා ගෙන තිබෙන බවයි.

විද්‍යාඥයන් ඇස්තමේන්තු කර ඇත්තේ ඇන්ඩියන් වලසුන් 10,000කටත් වඩා අඩු ප්‍රමාණයක් දැනට වනයේ ඉතිරිව ඇති බවත් ඔවුන්ගේ මෙම අභිජනන ක්‍රියාවලියෙන් ඇන්ඩියන් වලසුන් ගහනය වැඩි කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව බවත්ය.