― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගංවතුර තත්ත්වයේ ඉහළ යෑමක්

ගංවතුර තත්ත්වයේ ඉහළ යෑමක්

දිවයිනේ බස්නාහිර සහ දකුණු පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සබරගමුව සහ මධ්‍යම පළාතේ බටහිර බෑවුම් ප්‍රදේශවල පසුගිය දින කිහිපය තුළ පවතින වර්ෂාව හේතුවෙන් නිකුත් කළ ගංවතුර අවධානම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර සඳහන් කළේ, නිල්වලා ගඟ, ගිං ගඟ සහ කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ අවට එම තත්ත්වය තවත් පැය 24ක් පුරා වලංගුවන බවයි.

එමෙන්ම කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වය තවදුරටත් සුළු වශයෙන් වර්ධනය විය හැකි බව දැනුම් දෙනවා.

ඊට අමතරව ගිං ගඟ පහළ කොටසේ ගංවතුර තත්ත්වය සුළු වශයෙන් වර්ධනය වන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල සහ පාලින්ද නුවර ප්‍රදේශීය කොට්ඨාසවල පවතින ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ හැකියාව පවතිනවා. එම ප්‍රදේශවල පදිංචි ජනතාවත් එම ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන් ද මේ සම්බන්ධයෙන් සැලකිලිමත්ව සිටින ලෙසට දැනුම් දෙනවා.

අත්තනගලු ඔයේ සහ කැළණි ගඟේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති අතර, මෙම ගංඟා දෙපස පදිංචි ජනතාවද ඉදිරියේ දී ඇතිවිය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙසයි දැනුම් දෙන්නේ.
කෙසේ වෙතත් මේ දක්වා ලැබී ඇති වර්ෂාපතනය අනුව අත්තනගලු ඔයේ සහ කැළණි ගඟේ ගං වතුර තත්ත්වය ඇති වීමේ අවධානමක් නොමැති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර වැඩිදුරටත් සඳහන් කළේ.