23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජීවිත තර්ජන හමුවේ මුලතිව් මහේස්ත්‍රාත් ඉල්ලා අස්වෙයි

ජීවිත තර්ජන හමුවේ මුලතිව් මහේස්ත්‍රාත් ඉල්ලා අස්වෙයි

මුලිතිව් මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ටී. සරවනරාජා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වනවා.

සිය වෘත්තිය සම්බන්ධයෙන් ඇති වූ මරණ තර්ජන, බලපෑම් හමුවේ මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ. තම ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාවට යොමු කිරීමට කටයුතු කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කුරුන්දි විහාරය සම්බන්ධ අන්දෝලනාත්මක නඩුව සහ කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමේ සිද්ධියට අදාළ මුලික පරීක්ෂණ කටයුතු සිදුකෙරුණේ ද ටී. සරවනරාජා විනිසුරුවරයා ඉදිරියේදීයි.