29.5 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ වසරේ අවසාන සුපිරි චන්ද්‍රයා අද දිස්වෙයි

මේ වසරේ අවසාන සුපිරි චන්ද්‍රයා අද දිස්වෙයි

අද (29) දිස්වන පූර්ණ චන්ද්‍රයා මේ වසරේ සිව්වන සහ අවසාන සුපිරි චන්ද්‍රයා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නාසා ආයතනය පවසන්නේ සැප්තැම්බර් මාසයේ පූර්ණ චන්ද්‍රයා අද උදෑසන ආලෝකමත් වූ අතර චන්ද්‍රයා සෙනසුරාදා උදෑසන වන විට සම්පූර්ණයෙන්ම ආලෝකමත් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

සුපිරි සඳක් හෙවත් Super Moon යනු පෘථිවියට සමීප වන පූර්ණ චන්ද්‍රයෙකු වන අතර එය අනෙක් චන්ද්‍රයන්ට වඩා රාත්‍රී අහසේ විශාල හා දීප්තිමත් ලෙස දිස්වෙයි.

චන්ද්‍රයා පෘථිවියේ සිට සැතපුම් 224,854 දුරින් හා එහි සාමාන්‍ය දුර ප්‍රමාණයට වඩා සැතපුම් 14,046 පමණ සමීප වනවා.

සැප්තැම්බර් මාසයේ අද පායන පූර්ණ චන්ද්‍රයා සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයාට වඩා 5%ක් විශාල සහ 13%ක් දීප්තියෙන් දිස්වනු ඇති බවයි නාසා ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.